රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් ප්‍රමුඛ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද සංවිධානය කළ විරෝධතාවය විසඳුමකින් තොරව අවසන් වූ බව ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික කියයි.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වගකිවයුතු කිසිදු නිලධරයකු සිය ගැටලුවලට විසඳුම් දීමට ඉදිරිපත් නොවූ නිසා යළි මෙවැනි විරෝධතාවක් සංවිධානය කරන බව ද ඔහු පවසයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදක කොමිසම අසළ දී විරෝධතාවයේ නිරත සිසුන් දෙසට ජල ප්‍රහාරක හත එද්දී ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ අත්වැල් අල්ලාගෙන පාර හරස් කරගෙන පොලිමට සිට ගත්හ.













