අන්තරේ පිරිස රිමාන්ඩ්


අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් භික්ෂුන් වහන්සේ සහ සිසුන් නව දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයුතු ඇතුළුවීම, පොදු දේපොළවලට අලාභ හානි කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.