අන්තරේ පාගමනින් ටවුන්හෝල්හි වාහන තදබදයක්


ඉන්දිකා රාමනායක

සරසවි විෂය මාලාවෙන් බුද්ධ දර්ශනය  කප්පාදු  කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු  බලමණ්ඩලය සංවිධානය කළ විරෝධාතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප‍්‍රදේශයේ මාර්ග තදබදයක් හටගෙන ඇත බව පොලිසිය පවසයි .

මෙම විරෝධතා පාගමන පස්වරුවේ  සෞන්දර්ය විශ්ව විද්‍යාල ඉදිරිපිටින් ආරම්භ කර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිටට ගොස් නැවත පුරහල වෙත පැමිණ ඇත.

විරෝධතාකරුවන් උපවාසයක් පැවැත්වීම සඳහා පුරහල බැප්ටිස් දේවස්ථානය අසල අට්ටාලයක් ඉදිකරමින් පවතියි.

(ඡායාරූප- ගයාන් අමරසේකර)