ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ කි‍්‍රයාකාරි කමිටුව ආරම්භ කර ඇති පාගමනේ විරෝධතාකරුවන්ට කොළඹ වෝඩ් පෙදෙසට ඇතළු විය නොහැකි වන සේ එම මාර්ගය බැරියර දමා වසා දැමීමට පොලිසිය කටයුතු කළේය.
වෝඩ් පෙදෙසට ළඟා වී ඇති විරෝධතා පාගමන නිසා දැඩි වාහන තදබදයක් කොළඹ නගර ශාලාව අවට ඇතිවී තිබේ.
පොලිස් ජල ප්‍රහාරක රථ තුනක් වෝඩ් පෙදෙසේ නතර කර තිබේ.
උද්ඝෝෂකයන්ට රාජ්‍ය ආයතන වලට ඇතුලූ වීම වළක්වමින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය (9) තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇත්තේ වෝඩ් පෙදෙසේය.