අන්තරේ දෙන්නා පාරෙ මළ හැටි සොයන්නලු


වසර තුනකට පෙර ගම්පහ ඉඹුල්ගොඩ දී රිය අනතුරකින් මිය ගියැයි කී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් දෙදෙනාගේ මරණය සැක සහිත බැවින් යළි පරීක්ෂණ අරඹන්නැයි එම සංගමය අද රහස් පොලිසියට පැමිණිලි කළේය.

සංගමය වෙනුවෙන් එහි කැඳැවුම්කරු නජිත් ඉන්දික ඇතුළු පිරිසක් ද, නීතීඥ නුවන් බෝපගේ මහතා ද රහස් පොලිසියට පැමිණ සිටියහ.

කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍යයකු වූ සිසිත ප්‍රියංකර 2012 සැප්තැම්බර 27 වැනි දා මරුමුවට පත්වූහ.

මෙය මිනී මරුමක් බවට සැක කරන බවත්, මීට පෙර ආරක්ෂක අංශයේයැයි කියා ගන්නා පිරිසගෙන් තර්ජන තිබුණු බවත්, සිද්ධිය සිදුවූ දින රාත්‍රී තමන් නැවතී සිටි ගම්පහ නිවස අවට සැක කටයටුතු සැරි සැරූ බවත්, ශිෂ්‍යයන් පිටුපස ලුහු බැඳ තිබුණු බවත් අන්ර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කළ පැමිණිල්ලේ සඳහන්ය.

අන්තරේ සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි තැන සිට අනතුර සිදුවූ තැනට  යෑමට වැඩි වේලාවක් ගත නොවන බවත්, නමුත් මරණය සිදුවූවායැයි පොලිසිය පවසන වේලාව හා සිසුන් නවාතැනෙන් පිටවූ වේලාව අතර පරස්පරතාවක් ඇති බවත් අන්තරය සඳහන් කරයි.

මේ ගැන ලංකාදීප වෙබ් අඩවියේ මීට පෙර පළ වූ ලිපියක්  - http://www.lankadeepa.lk/index.php/articles/339820