අන්තරේ ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි


 ඉන්දිකා රාමනායක 
 
සයිටම්   අර්බුදයේ ගැටළු  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සාකච්ඡාවක් ලබා දෙන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද  (4) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු  කළ බව  එම ශිෂ්‍ය බලමණ්ඩලයේ කියයි.
 
සයිටම්   වෛද්‍ය පීඨ සිසුන්  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට  ඇතුළත්  කර උපාධි ලබා දීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද  එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන්  මෙතෙක්  නිශ්චිත ව සඳහන්  කර නොමැති බවද එම ලිපියේ සඳහන් වේ.
 
මෙම සටනේ  ප්‍රධාන පාර්ශවයක් ලෙස  අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බලමණ්ඩලයේ  අදහස් සහ යෝජනා  ඉදිරිපත් කිරීම සදහා  මෙම සාකච්ඡාව ලබා දෙන ලෙසට ඉල්ලමින්  අන්තර් විශ්ව විද්‍යාල   ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේක විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරනු ලැබ ඇත.