නිමන්ති රණසිංහ
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා සිල්වා මහත්මිය අද (18) නියෝග කළාය.
ඔහු රුපියල් 150,000 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
ඉකුත් 13 වැනි දා පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයකදී අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැණිනි.
මෙම නඩුව මැයි මස 16 වැනි දා දක්වා කල් තැබිණි.

