අන්තරේ කැඳවුම්කරු ඇතුළු 22 දෙනාට ඇප


(නිමන්ති රණසිංහ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 22 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 2 ක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී උද්ඝෝෂණය කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියට අදාළව සිසුන් 22 දෙනා චෝදනා ලැබ සිටි.

රට පත්ව ඇති ව්‍යසනකාරී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සළකා සැකකරුවන් පෞද්ගලික ඇප මත මුදාහරින බව සඳහන් කරමින් අධිකරණය සැකකරුවන්ට එලෙස ඇප මත මුදා හැරියේය.