අන්තරේ ඉල්ලන් කාලා


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංදේශයක් බාරදීමට අගමැති කාර්යාලයට එන බව කලින් දැනුම් නොදී තිබියදීත් පෙළපාලියේ ගමන් මග හදිසියේම වෙනස් කර කොල්ලුපිටියට පැමිණි අවස්ථාවේ නියෝජිතයන් 5 දෙනකුට ඒ සඳහා ඉඩදුන් බවත් ශිෂ්‍ය සංගමය එය ප්‍රතික්ෂේප කළ බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

පොලිසිය සමග ගැටීමකට මැදිවූයේ මේ නිසා යැයි ද අගමැති කාර්යාලය පවසයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සංදේශයක් බාරදෙන බව මුලින් කියා පසුව පෙළපාලියේ ගමන් මග වෙනස් කිරීමෙන් පසුවද සිසුන් 5 දෙනකුට අගමැති කාර්යාලයට පැමිණීමට ඉඩ සලසා දීමෙන් ප්‍රයෝජන නොගත් නිසා අවාසනාවන්ත සිද්ධියක් වූ බවද අගමැති කාර්යාලය කියයි.