දැනට විසුරුවා හැර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයාට අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අසුන්ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අවසර දී තිබේ. එහෙත් ඒ නිරීක්‍ෂකයකු වශයෙන් පමණි.
ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයාට මෙම අවසරය ලැබී ඇත්තේ මාස හයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතය.
එම කාලය තුළ නිලවරණය නොපැවැත්වුණහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේදී ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බවද අන්ත්ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයාට දන්වා තිබේ.