අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය හෙට සිට සුගතදාස ගෘහස්ථ පිටියේදී
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය මෙහෙයවන අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය හෙට (27) කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී ඇරැඹෙයි. මේ මස 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ
සුවිශේෂත්වය වන්නේ තරගාවලියේ බර පංතිවලින් ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශූරතාවලිය ඇතුළු බොක්සිං සංගමය මෙහෙයවන ප‍්‍රධානතම තරගවලට සහභාගිවීමේ අවස්ථාව හිමිවීමයි.
පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැත්වෙන මෙම තරගාවලියට වයස 17 - 34 අතර වයසේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 165 දෙනෙක් මෙවර සහභාගිවෙති.
පිරිමි තරගාවලිය කි.ග‍්‍රෑ. 46-49, සිට කි.ග‍්‍රෑ කි.ග‍්‍රෑ 91 ට වැඩි බර පංතිය දක්වා බර පංති 10කින් ද, කාන්තා තරගාවලිය කි.ග‍්‍රෑ. 45-48 සිට කි.ග‍්‍රෑ. 81 ට වැඩි බර පංතිය දක්වා බර පංති 10කින්ද සමන්විත වේ. තරගාවලියේ ජයග‍්‍රාහී කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස එච්. එස්. ධනුෂ්ක ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කේ. ඒ. ශාරිකා ද සම්මාන ලැබුහ.

