අන්තර් ජාලයෙන් හරහා වැඩ ඇරඹුණු රුවන් පුර අධිවේගය


(යොහාන් භාසුර)

‘රුවන්පුර’ අධිවේගී මාර්ගයේ පළමු අදියරය ඉදිකිරීම් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද  පෙරවරුවේ ආරම්භ විය.

මෙහි සමාරම්භක උත්සවය අරලියගහ මන්දිරයේදී අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි.

මෙහි ඉදිකිරීම් වසර දෙකහාමාරක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

මෙහි පළමු අදියර දක්‍ෂිත අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24 ක පමණ ප‍්‍රමාණයක් ඉදිකෙරේ. එහි දෙවැනි අදියර ඉංගිරි සිට රත්නපුරට ද, තෙවැනි සහ අවසන් අදියර රත්නපුර සිට පැල්මඩුල්ලට ‘රුවන්පුර’ අධිවේගී මාර්ගය ඉදිකිරීමට නියමිතය.