නිමල කොඩිතුවක්කු
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගැනීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ සෑහීමකට පත් නොවන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා පැවසීය.
සයිටම් අහොසි කරන ගැසට් පත‍්‍රය නිකුත් කිරිම ඇතුලූ කොන්දේසි ඉටුකරන තෙක් සයිටම් විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඔහු කියා සිටියේය.
කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ පැවති මාධ්‍ය හමුවකට අද (22) එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.