අනවසර ඉදිකිරීමෙන් දඹුල්ල රත්වේ


දඹුල්ල පූජා භූමියේ අනවසර ඉදිකිරීම්වලට විරෝධය පළකරමින් සංඝරත්නය ද, මහජනයා ද දහස් ගණනින් රැස්වූහ. ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය පැවසූයේ, බුදු දහමට හානිකර අයුරින් කැර ඇති ඉදිකිරීම් ඉවත් කළ යුතු බවයි. එවැනි ඉදිකිරීමක් දෙසට යන්නට වූ මහා සංඝරත්නය හා මහජනයා ඉන් වළක්වා ගැනීමට පොලිසිය හා හමුදාව ලොකු වෑයමක් දැරීය.