(මනෝජ් හර්ෂික)
රිය අනතුරුවලින් මිය යන, හප්පා පලාගිය හෝ ආබාධිත වුවන් සඳහා ලබාදෙන වන්දි මුදල ඉදිරියේ දී වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
වාහන රක්ෂණ සමාගම් සිය තුන්වැනි පාර්ශවයේ රක්ෂණවලින් ලබන ආදායමෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ප්‍රදානය කෙරෙන 1% ක් මේ වන විට 2% දක්වා වැඩිකර ඇති බැවින් රජය මෙම තීරණය ගෙන තිබේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඉදිරියේ දී කොමිසන් සභාවක් බවට පත්කිරීම ද පියවර ගෙන ඇති අතර බස්රථවලට අමතරව පාසල් සේවා, කාර්යාල සේවා මෙන්ම ත්‍රිවීල් නියාමනය කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.
‘මහමඟ අනතුරු අවම දේශයක්’මැයෙන් අද (14) මහවැලි කේන්ද්‍රයේ දී පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

