අනතුරු වළක්වන්න පොලිස් රාළහාමිලාගේ අනුරූ මහ පාරේ


(එච්. චන්දන)
 
රිය ධාවනයේ දී  සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින්  පුත්තලම පොලිස් කොට්ඨාසයේ  පුත්තලම පොලිස් වසමේ අනතුරු බහුල ප්‍රදේශවල පොලිස් නිළධාරින්ට සමාන රුව සහිත ආකෘති තැබීම සිදු කළ බව පුත්තලම පොලීසියේ රථවාහන අංශය පවසයි.


පාලවිය ප්‍රදේශයේ දී වේගයෙන් ආ වෑන් රථයකට මාර්ගයෙන් ඉවතට පැන එහි වැදී මීට මාස 3 කට පෙර දරුවකු මියගිය ස්ථානයේ දී මෙහි ප්‍රථම ආකෘතිය විවෘත කිරීම  පුත්තලම පොලිස් අධිකාරි ජේ.එම් චන්ද්‍රෙස්න මහතා අතින් සිදු කෙරිණි. 


මෙම පොලිස් නිලධාරියාගේ ආකෘතියේ වේග මීටරය අතැති පොලිස් නිලධාරියකුගේ රුව දෙපැත්තටම දිස්වේ. මෙය දුටු තැනින් වේගයෙන් දිවෙන වාහන වල රියදුරන් ටිකක් හෝ වේගය පාලනය කරනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි. 


මේ රැව  තැනින් තැනට රැගෙන යන ආකාරයෙන් සකස් කර තිබේ.මෙම අවස්ථාවට පුත්තලම පොලිස් කොට්ඨාදයේ රථ වාහන නිළධාරින් හා පුත්තලම මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශයේ නිළධාරින් සහභාගී විය.