අනතුරු දෙකෙන් දෙන්නෙක් මරුට
හොරණ හා ගම්පහ දී සිදුවූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මියගොස් අයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
හොරණ පානදුර මාර්ගයේ හල්යාල ගොඩැල්ල හංදියේ බෝක්කු ඇන්දක යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන් කළ ලක්ප්‍රිය දෙනෙල් නැමැති 19 හැවිරිදි තරුණයකු මියගිය අතර ගම්පහ යක්කලදී කාර් රථයක ගැටීමෙන් දයා ප්‍රේමචව්ද්‍ර නැමැති පදිකයා මරණයට පත් විය. අනතුර සිදුකළ කාර් රථය පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.

