විනීතා එම් ගමගේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ඉදිරි පැය 24 ට ද වලංගු බව එම සංවිධානය කියයි.
රත්නපුර, කලූතර, කෑගල්ල, නුවරඑළිය, යන දිස්ත‍්‍රික් සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එම දිස්ත‍්‍රික්කවල නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් වලින් සිදුවිය හැකි අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එහි පදිංචිකරුවන්ට අනතුරු අඟවයි.
විශේෂයෙන් නායයෑම් ලකුණු දුටු අවස්ථාවක හැකි ඉක්මනින් එයින් ඉවත්වන ලෙසත් ඒ පිළිබඳ බලධාරින්ට දන්වන ලෙසත් එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.