රඹෑවේ දී රිය අනතුරකින් පසු එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබීමෙන් පසු වාහන නොනවත්වා පදවාගෙන මිහින්තලේ පොලිසියට ගිය බව කියන අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති කුමාරසිංහ අද (1) පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමටනියමිතව සිටියේය.
ඔහු පැදවු පෞද්ගලික වෑන්රියට යටවී මියගිය බව කියනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ කරන දුමින්ද දිසානායක ඇමැතිගේ ආධාරකරුවෙකි.
ඔහු වෙනුවෙන් ඔහුගේ ආධාරකරුවන් ඡන්ද වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදි මේ අනතුර සිදුවිය.
අනතුරක් සිදු වීමෙන් පසු පොලිස් නිලධරයකු වාහානයක් නොනවත්වා ගමන් කිරීම බරපතල සිද්ධියක් බව පොලිසියේ උසස් නිලධාරියක් කීය.

