අනතුරින් දවල් තරු


නිත්‍ය මාතලී නැතිව හමුදා රිය පදවාගෙන යද්දී මුහුදුබඩ නියම් ගමකදී අනතුරක් වුණාලු. දෙන්නකු රෝහලටත් තුන්දෙනකු කනත්තටත් ගියාලු. අනතුර සිදුවූ ගමන් අකුරු දෙකක් ඉස්සරහින් තිබූ තහඩු දෙකම ගැලවුණාලු.

කවුදෝ එය ඇදලා කැඩුවා වගේලු. තරු දෙකක්ම පේන තව වැඩක් සිද්ධ වුණාලු. මාතලී ඇඳ සිටි කමිසයත් මොකක්දෝ බලයකින් වාගේ මාරු වුණාලු. මුහුදු සුළං හමා එන ආසන්නයේ පිහිටි පොලිසියට ගියාම ගම් කිහිපයක මිනිසුන් කඩා බිඳගෙන ආවාලු. හරියට වැටලීමකට වගේලු.

මාතලී මාරු කිරීමේ සූත්තරයක් ඇති බව ඔහුට කනින් කොනින් වැටහුණාලු. අන්තිමේදී වැඩේ යට ගහන්න බැරි වුණාලු. යහපාලනය උඩට ආවාලු.