
(එම්.සුසිල් පියන්ත)
පිටිගල ගොඩාමූණ පදේශයේ අද(27)අලුයම් කාලයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ හැපී එක් අයෙක් මිය ගොස් පොලිස් නිලාධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.
මේ අනතුරින් මිය ගොස් ඇත්තේ කොළඹ තලංගම පදිංචි අයෙක් බවද පොලීසිය කියයි. තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ පිටිගල පොලීසියේ නිලධාරීන් දෙදෙනක් බවද පොලීසිය කියයි.
පොලිස් නිලධාරීන් දෙදෙනා සහ මිය ගිය අය ගමන් ගත් යතුරු පැදි දෙක මෙසේ මුහුණට මුහුණ ගැටී ඇති බවද පොලීසිය කියයි.

