අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට


(කාංචන කුමාර ආරියදාස )

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී  කාණුවකට පෙරැළී  අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුවාල ලබා ඇතිබව ගලේවෙල පොලිසිය කියයි.

අනතුරකින් මියගොස් ඇත්තේ දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ පදිංචි ජගත් කුමාර පියතිස්ස 31 හා අහිංසා අබේරත්න 28 යන දෙදෙනාය.

 තුවාල ලබා සිටින දරුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

අනතුර සිදුවූ ස්ථානයේ සුනකයාද මියගොස් තිබුණු අතර මේ යුවල දෙහිඅත්තකන්දියේ සිට කුරුණෑගලට විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීම සදහා ගමන් කර ඇතිබව පොලිසිය පැවසිය.