රජයෙන් ලැබුණු වාහනය අනතුරට පත්වූ පසු ඒ බව පොලිස් දෙපාර්තමේන්තුවට වාර්තා නොකර පොලිස් කොස්තාපල්වරයකුගේ වියදිමින් අලුත්වැඩියා කරවීම ඇතුළු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට අනියුක්ත කර විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් ආරංචි කියයි.
පොලිස් පරීක්ෂකයකු ලවා විදුලිබිලක් ගෙවීම, පොලිස් නිලධාරියකු ලවා කාන්තාවකට ආහාර ගෙන්වා ගැනීම ඇතුළු පැමිණිලි කිහිපයක්ම ඔහුට එරෙහිව ලැබී ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.
එම පැමිණිලි සම්බන්ධයෙන් දකුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර විමර්ශන අවසන් වන තුරු ඔහු තාවකාලිකව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට නියුක්ත කර ඇත.
මාධ්‍යවේදියකු අතුරුදන්වීම සම්බන්ධ පැමිණිල්ලක් නිසි ලෙස විමර්ශනය නොකළැයි ද මේ නිලධාරියාට එරෙහිව නඩුවක් ගොන් කර තිබේ.
ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු වීමට පෙර සිදුකළැයි කියන සිද්ධිය කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකක විමර්ශන තුනක් පැවැත්වූ අතර පසුගිය ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් ඒ විමර්ශන අතරමග නැවතුණ බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

