අනතුරට පත් නෞකාවේ සිටි 11 ක් නාවික හමුදා සහයෙන් බේරා ගනිති


(ඉන්දිකා රාමනායක)

කොළඹ වරායට   නාවික සැතපුම් 11.6 ඔබ්බෙන්  වු  මුහුදු  ප‍්‍රදේශයේ දී අනතුරට  පත්ව තිබු   ‘‘මුතා පයනියර්’’  නැමැති වෙළෙඳ නෞකාවේ සිටි කපිතාන් ඇතුළු නාවිකයන් 11 දෙනෙකු  අද (26)  අලුයම නිරුපද්‍රිතව බේරාගත් බව නාවික හමුදාව කියයි.

ඩොමිනිකා  ධජය  යටතේ  යාත‍්‍රා කරමින් තිබු මෙම වෙළෙඳ නෞකාව එහි කපිතාන්වරයාට පාලනය කර ගැනීමට නොහැකිව වම් පසට ඇලවී ඇති බවත් මේ සම්බන්ධයෙන්  නාවික හමුදාව වෙත දැනුම් දීමෙන් පසු නාවික හමුදාව වේ.

ප‍්‍රහාරක යාත‍්‍රා දෙකක් කඩිනමින් ඒ දෙසට යවා නෞකාව තුළ සිටි පිරිස බේරාගෙන කොළඹ වරය වෙත රැගෙන ආ  බවද නාවික හමුදාව සඳහන් කරයි.

එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයකු සිටි ඇති අතර  නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කර ඇත්තේ ශි‍්‍ර ලංකිකයෙක් බවද නාවික හමුදාව  කියයි.

‘‘මුතා පයනියර්’’  මෙම නෞකාව ඉන්දුනීසියානු ජාතියෙක්ට අයත් නෞකාවකි. බේරාගත් පිරිස කොළඹ වරාය පොලිසියට බාර දී ඇත.