පැතුම් දර්ශන
ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ හොරොව්පොතාන ඔළුගස්කඩවල ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටි අද සවස(13)පහට පමණ සිදුවු අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන පොලිසියේ රථවාහන අංශයේ සෙවයකල සැරයන්වරයකු වන අතර ඔහු හොරොව්පොතාන අලපැත්වැව ජනඋදාන ගම්මානයෙ පදිංචි දෙදරු පියෙකි.
සෙවය නිමකර නිවස බලා යන අතරතුරදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදු කල ලොරි රථයෙ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

