අධීක්ෂණ මන්ත්‍රීවරු ඉල්ලූ පහසුකම් කැබිනට් යෝජනාවෙන් ප්‍රතික්ෂේප වෙයි


(අජන්ත කුමාර අගලකඩ)

ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන පිළිබඳව සොය බැලීම සඳහා අමාත්‍යාංශවලට පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් , නිල වාහනයක් ඇතැළු  පහසුකම් ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ කැබිනට් යෝජනාවක් අද (7) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක්, 7 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් නිල වාහනයක්, ඉන්ධන දීමනා,දුරකතන දීමනා, ඇතුළු පහසුකම් ලැබාදීම සඳහා නිලධාරීන් කමිටුවකින් කරන ලද යෝජනාවක් මත මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තීබූ බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.

මෙම යෝජනාවට දැඩි විරෝධය පළකර ඇති ජනාධිපතිවරයා ඊට ඉඩ දිය නොහැකි බව පවසා ඇතැයි වාර්තා වේ .

සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස  ඉකුත් දා ආරම්භ කළ ‘‘ගම්පෙරළිය‘‘ සංවර්ධන වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශවලට පසුපෙළ මන්ත්‍රීවරු පත් කිරීමට ඉකුත් දා තීරණය කර තිබේ.