නවීන පන්නයේ වෑන් රථ වලින් දක්‍ෂිණ අධිවේගී මාර්ගය උපයෝගී කරගෙන ගවයින් ප‍්‍රවාහනය කිරීම හේතුවෙන් ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි සියලුම පොලිස් මුරපොළ වෙත අධිවේගී මාර්ග පොලිස් අධ්‍යක්‍ෂකවරයා නියෝග කර ඇත.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන 11 වැනි දා සිට පරික්‍ෂා කිරීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කරන ලෙස අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඩී.ඒ.ධනංජය මහතා විසින් සියලුම අධිවේගී මාර්ග පොලිස් මුරපොළ වෙත දැනුම් දීමෙන් පසු වාහන පරික්‍ෂාව ආරම්භ වී ඇත.
බලපත‍්‍ර රහිතව හොරකම් කරන ලද ගවයින් පටවාගෙන අධික වේගයෙන් ගමන් කරමින් තිබූ නවීන පන්නයේ වෑන් රථයක් පසුගිය 9 වැනි දා පෙරවරු 7.30 ට පමණ අනතුරට පත්වීමේ සිද්ධියෙන් පසු දීර්ඝ කාලයක සිට මෙම මාර්ගය උපයෝගී කරගෙන හොර හරක් ප‍්‍රවාහනය කිරීමේ සිද්ධින් හෙළි කරගැනීමට හැකි වී ඇතැයි අධිවේගී මාර්ග පොලීසිය කියයි.

![20150909_075043[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0750431.jpg)
![20150909_075255[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0752551.jpg)
![20150909_075310[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0753101.jpg)
![20150909_075653[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0756531.jpg)
![20150909_075657[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0756571.jpg)
![20150909_081508[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0815081.jpg)
