අධිවේගී මාර්ග රථවාහන පාලකවරයා රඳවා ප්‍රශ්න කරන්න අවසර



 
         
(නිමන්ති රණසිංහ)

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග පාලන අංශයේ රථවාහන අංශ පාලකවරයා දින තුනක කාලයක් බණ්ඩාරගම පොලීසිය තුළ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට පානදුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා බණ්ඩාරගම පොලීසියට අද (25) අවසර ලබා දුන්නේය.

ඒ අනුව මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප‍්‍රශ්න කිරිමට අවසර ලබා දුන්නේ පානදුර පදිංචි මොහොමඞ් මහරුෆ් මොහොමඞ් රසූල් නැමැත්තාය.

ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ පානදුර ශාඛාවේ හිටපු උපලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මෙම සැකකරු කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයා සමඟ සමිප සම්බන්ධතා පවත්වා ඇතැයි කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.