ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
අධිවේගී මාර්ග ඉදිකිරීමේදී සිදුවන වංචා,දූෂණ පිළිබඳ රට තුළ විශාල සංවාදයක් මතුව ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම කථානායකවරයාගෙන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විවාදයක් ඉල්ලා ඇත.
ඒ අනුව ලබන 19 වැනිදා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

