අධිවේගී මඟේ වැඩබිමෙන් ඩීසල් සොරාගත් අයෙක් අත්අඩංගුවට


 
(අනීෂා මානගේ)
බෙලිඅත්ත කම්බුස්සාවල දක්ෂිණ අධිවේගී මාර්ග වැඩබිමෙන් සොරකම් කරන ලද  ඩීසල් තොගයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බෙලිඅත්ත කම්බුස්සාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
අධිවේගී මාර්ග වැඩබිමෙන් සොරකම්කරන ලද ඩීසල් ලීටර දෙසීයේ බැරල් එකක් හා ලීටර විස්සෙහි කෑන් හයක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිවේගී මාර්ග වැඩබිමෙහි සේවයේ යොදවා ඇති වාහන වල රියදුරන් සමඟ එක්ව ඔවුන්ගෙන් අඩු මිළට ඩීසල් මිලදී ගෙන අලෙවි කිරීමේ නිරත වී සිට ඇති බවට පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.