අධිවේගී පාරේ කැබ්රිය පෙරැලී නීතිඥයා මරුට


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ ගැලනිගම අතර 8.2 කිලෝ මීටර් කණුව අසලදී අද රාත‍්‍රී කැබ් රියක් පෙරැලීමෙන් එහි සිටි නීතිඥයකු මියගොස් රිය පැදවූ තැනැත්තා බරපතල තුවාල ලැබූ බව කහතුඩුව පොලිසිය කියයි. මියගියේ ගාල්ල එලියට් පාරේ නීතිඥ ගාමිණී ඬේවිඞ් (69) මහතාය. ගාල්ලේ සිට කොළඹ බලා එද්දී කැබ්රිය අනතුරට පත්වී තිබේ. මහ මග පෙරලූණු කැබ්රියේ කොටසක් ගැලවී මාර්ගයෙන් ඉවතට විසිවී ඇතැයිද කැබ්රිය උඩුබැලි අතට පෙරැලී තිබූ බවද පොලිසිය කියයි. අනතුරින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටකටද හානි සිදුවී තිබේ. අනතුරින් පසු එහි සේවකයින් වතුර බවුසර් ගෙනැවිත් පාර සෝදා දැමීය.