අධිවේගී ධාවනයට ලංගමත් එයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ශ්‍රි ලංගම බස් ධාවනය ජනවාරි 3 වැනි දා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංගම සභාපති එම්.ඩී. චන්ද්‍රසේන මහතා පැවැසීය. ඒ සඳහා අධිසුඛෝපභෝගී බස් දෙකක් යොදවන බවත් එය ගාල්ල - මහරගම අතර ධාවනයට යොදවන බවත් සභාපතිවරයා කියයි. එක් ගමන් වාරයකට රුපියල් 400කි.

