අධිවේගී අනතුරේ අලාබෙ කෝටි 45 යි


ජපානයේ හිරෝෂිමා නගරයේ  ප්‍රදර්ශනයකට ගෙනයමින් තිබූ අති සුඛෝපභෝගී මෝටර් රථ 13 ක් ටෝකියෝ අගනුවර ආසන්නයේ යමගුචි ධිවේගී මාර්ගයකදී අනතුරටකට ලක්වීමෙන් යුරෝ ලක්ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 45 කට අධික අලාබයක් සිදුව ඇත. ලෝකයේ වටිනාකමින් ඉහළම  ෆේරාරි රථ අටක් ලැම්බුර්ගිනි රථ දෙකක් හා බෙන්ස් රථ තුනක් ගැටිණි. වේග සීමාව පැයට කිලෝමීටර් 80 ක් වූ මාර්ගයේ පැයට කිලෝමීටර 160 කට අධික වේගයෙන් ගමන් කිරීම අනතුරට හේතුව බව ටෝකියෝ පොලීසිය පවසයි. දස දෙ‍නෙක් තුවාල ලදහ. ඉතාලියේ නිශ්පාදිත ෆේරාරි හා ලැම්බුර්ගිනි රථයකට පැයට කිලෝමීටර් 320 ක වේගයකින් ධාවනය කළ හැකියි.