(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා, යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පින්නදූව අතර 91 කිලෝමීටර් කණුව අසලදී කතරගම වන්දනාවේ යාම සඳහා මීගහතැන්නේ සිට පැමිනි පෞද්ගලික බස් රථයක් මාර්ගයේ පෙරලීයාමෙන් රියැදුරු ඇතුළු 17 දෙනෙක් අද (28) උදැසන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
තුවාල ලබා රෝහල් ගත කර අය අතර අනතුරට පත් බස් රථයේ රියැදුරු, පිරිමි ලමයෙක් සහ කාන්තාවන් සිව්දෙනෙක් සිටින බවද රෝහලේ ප්‍රකාශකයෙක් කීය.