අධිවේගයේදී ලොරියක් ගිනි ගනී



මාතර සිට කඩවත ප්‍රදේශයට ධාවනය වූ කුඩා ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 5.6 - 5.7 අතරදී   ඊයේ රාත්‍රි 10ට පමණ ගිනි ගෙන ඇති අතර කහතුඩුව අධීවේගි මාර්ග පොලිස් මුරපොළේ නිලධාරීන් හා ගැලනිගම පොලිස් විශේෂ බලකා ගිනිනිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වා ඇත. ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර ලොරි රථයට හානි සිදුව තිබේ. කහතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ