අධිවේගයේ හොරාගේ නුවණ කෙටි වෙයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ විවේක කලාපයේ උද්‍යාන විදුලි පහනක් ගලවාගෙන ගිය සොරකු කුරුඳුගහ හැතැක්ම පිවිසුම සමීපයේ 64.6 කණුව අසල දමා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි. මේ විදුලි පහන ගැලවීමට පෙර ඒ අසල විදුලිය විසන්ධි කැර ඇතැයි ද, ඒ නිසා ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියා විරහිත වී යැයි ද පොලිසිය කියයි. එම විවේක කලාපය ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කැරේනේ පසුගිය බ්‍රහස්තින්දායි.