ඩයනා උදයංගනී
අධිවේගී මාර්ගවල වේගසීමා උල්ලංඝනය කරමින් ධාවනය කරන වාහන නිරීක්‍ෂණය කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් සවිකිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ අංශය පවසයි.
දැනටමත් සවිකර ඇති මෙම වේග මාපක යන්ත‍්‍ර පද්ධතිය මෙම මස14 වැනිදා සිට ක‍්‍රියාත්මක කරන අතර එයින් වාහනවල වේගය නිරීක්‍ෂණය කෙරෙන අතර වේග සීමා උල්ලංඝනය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථානයන්හි ස්ථාපිත කර ඇති ටැබ් හා මුද්‍රණ යන්ත‍්‍ර හරහා සිදුකෙරෙන බව එම අංශය සඳහන් කරයි.
එහි වාහන අංකය , නිරීක්‍ෂණ වේලාව මෙන්ම එම අවස්ථාවේ වේගය ද දැක්වෙන අතර රාත‍්‍රී කාලයේද මෙම නිරීක්‍ෂණ කටයුතු සිදුකෙරෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ අංශය කියා සිටී.
අධිවේගී මාර්ගවල සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් සියයට 27 ක් පමණ අධික වේගයෙන් ධාවනය නිසා සිදුවන අතර එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේද සහය ඇතිව මෙය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

