(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 28 දොඩංගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් එක් අයකු තුවාල ලැබූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.
එම අනතුරින් අධිවේගී මාර්ගයේ මාතර දෙසට මං තීරුව මුළුමනින්ම වැසී ගිය අතර වම් පස ආරක්‍ෂිත වැටක් නොමැති.
ස්ථානයක් වූ එම ප්‍රදේශයේ වාහන ගමනාගමනයට මාර්ගයට අවශ්‍ය පහසුකම් සැලසීමට පොලිස් නිලධාරීන් පියවර ගත්ත.
අල ලූනු තොගයක් පටවා ගත් ලොරියක් කොළඹ සිට පිටිගල දක්වා යාමේදී රථයේ පිටුපස රෝද දෙකම පිපිරි යාම හේතුවෙන් මාර්ගයේ හරස් අතට පෙරළී ලොරියේ ඉදිරිපස කොටස මාර්ගය මැද ආරක්ෂිත යකඩ වැටී ගැටී ඇතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ වාහන ගමනාගමනය වේග සීමාව අඩු මට්ටමක රඳවාගෙන ධාවනය කිරීමට රියදුරන්ට සිදුවිය

