අධිවේගයේ ගිය බස් රථයක ගින්නක්


(අමල් වික්‍රමරත්න)
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරට කිලෝ මීටර  එකහමාරක පමණ දුරක් තිබියදී කඩුවෙල සිට මාතර බලා ගමන්ගත් බස් රථයක ගින්නක් හටගෙන තිබේ.
 
කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇතැයි දැනට අනුමාන කරනබව අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසන අතර මේ වනවිට එම ස්ථානයට අදාළ නිලධාරීන් පිටත්ව ඇතැයිද  පැවසීය.
 
කෙසේ නමුත් බස් රථයේ ගමන් ගත් මගීන් බස්රථයෙන් කලබලයට පත්ව බැසගැනීමට යාමේදී ඇතිවූ සුළු තුවාල හැරෙන්නට කිසිවකුට  බරපතල තුවාල සිදුව නැත.