(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අංශය) ආර්.ඒ.ඩි කහටපිටිය මහතා පවසයි.
11,12, සහ 13 යන තෙදිනේ වාහන 387,586 ධාවනය කිරීමෙන් මෙම ආදායම ලැබී ඇත.
11 වෙනිදින අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 163,541ධාවනය වී ඇති අතර ලද ආදායම රුපියල් 54,666,450.00 ද 12 වෙනි දින වාහන 134,195 ධාවනය වී රුපියල් 47,712,350.00 ක ආදායමක් ද , 13 වෙනි දින වාහන 89850 ක් ධාවනය වී රුපියල් 321,20000 ක් ද ලැබී ඇතැයි අධ්‍යක්ෂකවරයා කීය.
2024 වසරේ අප්‍රේල් මස 11,12,හා 13 දින තුනට සමගාමීව සැසඳීමේදී අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සහ ලද ආදායම සියයට තිහක වැඩිවීමක් බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.