අධිවේගයට ලණුවක් දීලා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව දොඩංගොඩදී (21.5 කිමී) සිදුවූ අනතුරකින් මවට අමාරු යැයි අධිවේගී මාර්ග නලධරයනට අඟහරුවා ද රාත්‍රියේ හදිසි ඇමැතුමක් ලැබිණි. ගිලන් රිය, ගිනි නිවන රිය, පෙරටුකැර ගත් මෝටර් සයිකල් ධවකයෝ වහා එහි ගියහ. ඒත් අනතුරක් නැත. බොරු ඇමැතුම දුන් පුද්ගලයා ද සොයාගෙන ඇත. ඔහු මාර්ග සංවර්ධන අධිකාරීයේ සේවකයෙකි. ඔහුට එරෙහිව විනයානු කූලව පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරීයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියයි.

