අධිවේගයට බොරු තොරතුරු දුන්නොත් පිටවන විට වැඩ වරදී


(යොහාන් භාසුර)

අධිවේගී මාර්ගයට ඇතුල්වන වාහන වැරදි තොරතුරු ඉදිරිපත් කළ හොත් ගමනාන්තයේදී එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අධිවේගී මාර්ගයට ඇතුළු වන සෑම ස්ථානයකදීම එම වාහනයේ ගමනාන්තය පිළිබඳව විමසා බලා පළාත් සීමා උල්ලංඝනය වන්නේ නම් එම වාහන නැවත හරවා යවන බවත් කිසියම් පුද්ගලයකු අධිවේගී මාර්ගයට ඇතුල්වන විට වැරදි තොරතුරු ලබාදුන හොත් පිටවන ස්ථානයේදී නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.