අධිවේගය විවෘත කරද්දී විරෝධය පෑ කතුන්ට ඇප


කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබියදී එහි පැමිණ පීත්ත පටිය කපා විරෝධය පෑ කතුන් දෙදෙනාට තරයේ අවවාද කළ මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා එක් අයකුට රුපියල් 2500 බැගින් වන මුදල් ඇප හා රුපියල් 50,000 බැගින් ශරීර ඇප නියම කළේය.

කඩවත, මහර නුගේගොඩ පදිංචි ජේ.ආර්.සුමනා ජයසූරිය හා රාගම කැන්දලියැද්දපාළුව එල්.කේ.පුෂ්පා කුමාරි යන අයට එසේ ඇප නියම විය.