අධිවෙිගී මඟේ පින්නදූව පිවිසුමේ සී.සී.ටී.වී දර්ශණ උසාවිය ඉල්ලයි


( ඩී.ජී.සුගතපාල )

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් පසුගිය 5වනදින සහ 7වනදින පිටවු වාහන පිළබඳ තොරතුරු ඇතුලත් සී.සි.ටී.වි.කැමරා දර්ශණ සියල්ල ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට ලබාදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දක්ෂිණ අධිවේගි මාර්ග අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය 5වනදින සහ 7වනදින කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිම සඳහා බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් වාහනවලින් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පැමිණ ඇති බවට ලැබුන තොරතුරු අනුව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලිමෙන් පසුවය.

ගාල්ල ප්‍රදේශයේ ජනතාවට ලබා නොදි අධිවේගි මාර්ගයේ සුභෝපභෝගි වාහන වලින් පැමිණි විශාල පිරිසකට උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි කෙවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් බවට ප්‍රදේශවාසින් චෝදනා කල බවට මාධ්‍යවල පලවු බවත් ඒ අනුව ලැබුන තොරතුරු අනුව පරික්ෂණයක් ආරම්බකර ඇති බවත් එන්නත් ලබා ගැනිම සඳහා එදින අධිවේගි මාර්ගයේ පැමිණි පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනිම සඳහා මෙසේ සි.සි.ටී.වී.දර්ශන ලබා ගැනිමට බලාපොරොත්තුවන බවත් ප්‍රධාන පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.