අධිකරණයේ ඉහළම නිලධරයෙක් සේවිකාවට ගහලා


අධිකරණයේ ඉහළම නිලයක් දරන්නකුගේ පහර කෑමට ලක්වූ බව කියන ඔහුගේ නිවසේ සේවිකාවක කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

පසුගිය 15 වැනි දා නිවසේ සේවයට තමා පැමිණි බවත්, එතැන් සිට නිවසිට පිටතට යෑමට නොදී රෝගී දරුවකු බලා ගැනීමට බාර දී ඇති බවත්, දරුවා නිතර පහර දෙද්දී අධිකරණ නිලධරයාද බලා සිටිමින් තමාට පිස්තෝලයෙන් පහර දෙන බවත් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ.

මීට දිනකට පෙර ද අදාළ නිලධරයා එක දිගට පිස්තෝලයෙන් පහර දී ඇති බව කියන කාන්තාව ඒ නිසා අත ගෙඩි ගැසි ඇති බව ද සඳහන් කරන්නීය.

ඇය පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

මේ තැනැත්තා මීට පෙර පොලිස් කොස්තාපල්වරයකුට ද පහර දී ඇති බවට පැමිණිලි ලැබුණු බව පොලිස් ආරංචි කියයි.