අධිකරණයත්-සිරමැදිරියත් ස්කයිප් තාක්ෂණයෙන් සම්බන්ධ වෙයි


( ජයන්ත සමරකෝන්)
 
කොරෝනා වයිරසය රටින් පහව යන තුරු රිමාන්ඩ් බන්ධනාගාර කිහිපයක  සිරකරුවන් කිහිප දෙනකුගේ නඩු වීමසීමේ කටයුතු   ‘ස්කයිප්‘   වීඩියෝ තාක්ෂණය ඔස්සේ  විනිසුරුවන් විසින්   අධිකරණය  තුළදී සිදු කිරීම ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
 
ඉදිරියටත් කොරෝනා වයිරස් තත්ත්වය පැවතුණහොත්  අනෙකුත් රිමාන්ඩ් බන්ධනාගාරවලද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීවේය.
 
මඩකළපුව,  බෝගම්බර,  ගාල්ල සහ කුරුවිට බන්ධනාගාරවල දැනට මෙම වීඩීයෝ තාක්ෂණය ඔස්සේ වැඩකටයුතු සිදු කෙරේ.

ොකොරෝනා වයිරසය රටින් පහව යන තුරු රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් 2,000 ක් පමණ දිනපතා අධිකරණයට රැගෙන යාමද අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. මේ වන විට  බන්ධනාගාර 30 ක රැඳවියන් 26,000 ක් පමණ රඳවා සිටින අතර එයින් 16,000 ක්ම රිමාන්ඩ් සැකකරුවන් බවද එම වාර්තාවන්හි සඳහන්ය.