(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
‘දිසා අධිකරණය - මහේස්ත්‍රාත් අධිකරණය නුගේගොඩ‘ ලෙස හැඟවෙන පරිදි ස්ටිකර් ගසා ගෙන පැමිණි මෝටර් රථයක් කැස්බෑව වෙළෙඳසැලක් අසළ නවතාගෙන සිටියදී එය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
මෙම මෝටර් රථයම වෙනත් පොලිසියකින් ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබ නිදහස් කර යැවීමෙන් පසුව අද නැවතත් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

