අධිකරණය විවේචනය කිරීමේ චෝදනා පත්‍රය වෛද්‍ය පාදෙණියට බාරදෙයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපාහාසයක්  කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට අද (22) බාර දෙනු ලැබීය.
අගෝසතු 2 වැනිදා මේ පිළිබඳව විභාගය පැවැත්වීමටද නියෝග කැරිණි.
එසේම එම නඩු තීන්දුවට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කිරීම , ලිපි පළ කිරීම ,ප‍්‍රකාශන පළ කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වළක්වමින් මෙම නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලදී.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)