(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් 2013 වසරේ මීගමුව මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමව අධිකරණය මගහැර පලාගොස් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයෙක් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙනඇත.
හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම සැකකරු සිය නිවෙස් විකුණා මුලතිව් ප්‍රෙද්ශයේ කාන්තාවක් සමග විවාහ වී සැගව සිට ඇතැයි පොලිසිය කියයි. මෙම සැකකරු වසර කීපයකට පෙර සිවිල් ආරක්ෂක භටයකු වශයෙන් සිවිල් ආරක්ෂක බලකායටද බැඳී ඇති බවත් එහි තවදුරටත් සේවය කරන බවත් පොලිසිය කියයි.
2013 වසරේ මීගමුව මහාධිකරණයේ නඩු තීන්දුව ලබාදෙන අතරේ මොහු අධිකරණය මඟහැර පලාගොස් ඇත.

