අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට සිතාසි


( මනෝප්‍රිය ගුණසේකර )
 

හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිරි මහතාට එරෙහි නඩුවේ සාක්කි ලබා දීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට  ලබන මැයි 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින්  කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා  අද (08) සිතාසි නිකුත් කළේය.
 
දිසා විනිසුරුවරයකු ලෙස  කටයුතු කළ වසරක කාලය තුළ වැටුප් හා අදායම් වලින්  උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 25කට  ආසන්න මුදල් හා හිමිකාරීත්වය  දැරීම සම්බන්ධයෙන් හිටපු දිසා විනිසුරුවරයාට මෙම නඩුව පවර තිබේ.